දකුණු බ්‍රසීලයේ ලැගුම්හලක හට ගත් ගින්න

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලැබ ඇත.

ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බව සදහන් වේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ දී එහි 30දෙනෙකු පමණ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇති බව බලධාරීන් සදහන් කරයි.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගතව තිබේ.