කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක ජල කප්පාදුවක්

(27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් නිසා මේ ආකාරයෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.