සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල සහන් ආරච්චිගේ නායකත්වයෙන් සහ නුවනිඳු ප්‍රනාන්දුගේ උපනායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර, ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉක්රම් අලිකිල් මෙහෙයවයි.
මේ දෙපිල අවසන් වරට පසුගිය වසරේ මෙරටදී පැවති නැඟී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හමුවූ අතර, එහිදී ඇෆ්ගන් ‘ඒ’ පිලට ලකුණු 11ක ජයක් හිමි විය.
එම තරගාවලියට ක්‍රීඩා කළ මිනෝද් භානුක, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න මේ තරගාවලියට එක් කර තිබේ.
ශ්‍රී ලංකා පිල අවසන් වරට දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව ද්වීපාර්ශ්වික තරගාවලියකට එක් වූ අතර, එම තරගාවලියට එක් වූ ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු සහ මෙවර නායකයා ලෙස කටයුතු කරන සහන් ආරච්චිගේ ද එක්ව සිටියහ.
නායක ඉක්රම්ට අමතරව ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන සිටින ක්වයිස් අහමඩ්, සියා උර් රහමාන් සහ බිලාල් සාමි ද මේ සංචාරයට එක්ව සිටිති.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 26ක ඇත්දැකීම් ඇති ඉක්රම් පසුගිය පෙබරවාරි මාසයේ ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ද එක් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – සහන් ආරච්චිගේ (නායක), නුවනිඳු ප්‍රනාන්දු (උපනායක), ළහිරු උදාර, කමිල් මිෂාර, මිනෝද් භානුක, නිශාන් මධුෂ්ක, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දුෂාන් හේමන්ත, වනුජ සහන්, නිමේෂ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්.
ඇෆ්ගනිස්තාන ‘ඒ’ එක්දින සංචිතය – ඉක්රම් අලිකිල් (නායක) රියාස් හසන්, අබ්දුල් මලික්, සුබයිඩ් අක්බාර්, ශහීඩ් කමාල්, බිලාල් තරින්, දාර්විෂ් රසෝලි, මොහොමඩ් ඉෂාක්, නන්ගල් කරෝටි, ෆර්මනුල්ලා සාෆි, ක්වයිස් අහමඩ්, සියා උර් රහමාන්, සලීමී සාෆි, අබ්දුල් රහමාන්, බිලාල් සාමි.