ලොව වේගවත්ම මිනිසා ලෙස තවමත් ආධිපත්‍ය දරා සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙයි.
මීටර් 100 හා 200 ලෝක වාර්තාවලට හිමිකම් කියන බෝල්ට් පිට පිට ඔලිම්පික් උලෙළ 3ක් (2008, 2012, 2016) නියෝජනය කරමින් රන් පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වූ අතර, මලල ක්‍රීඩාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ඔහු මෙවර තරගාවලියේ තානාපතිවරයකු ලෙස පත් කර ඇත.
ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයකු වීමට ලැබීමේ සතුටට කරුණක් බව පවසන බෝල්ට් ලබන සතියේ නිකුත් වීමට නියමිත ලෝක කුසලාන නිල තේමා ගීතයට ආරාධිත රංගනයකින් දායකවීමට සූදානමින් සිටී.
කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරග නැරඹීමට එක් වන බවත්, ක්‍රිකට් ගෝලීය වශයෙන් වර්ධනය කිරීමට දායක වීමටත් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාව 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ද ඇතුළත් කර ඇති අතර, බෝල්ට් පවසන්නේ මෙවර තරගාවලියේ සම සත්කාරකයකුවීමත්, ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ඇතුළත් වීමත් හේතුවෙන් අමෙරිකාවේ ක්‍රිකට් සමෘද්ධිමත් වනු ඇති බවයි.