චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය
පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය ලබාදෙන බව චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය පවසයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී (25) පැවත්වුණු අතර, එහිදී එම සංගමය එසේ සඳහන් කර ඇත.
පුනර්ජනනීය බලශක්ති, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළෙඳ ආයෝජන පිළිබඳව මෙහිදී අවධාරණය යොමු කෙරිණි. අගමැතිවරයා චීනයේ සංචාරය කිරීම ගැන චීන ජනතාව ඉතා සතුටට පත්වන බව එම සංගමයේ සභාපති රෙන් සිංග්ලේ මෙහිදී ප්‍රකාශ කළ අතර, එම සංචාරය පිළිබඳව ස්තුතිය පළ කළේය.
මෙරට සූර්ය බලශක්තිය, සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්රිත කර්මාන්ත නඟාසිටුවීම සඳහා ආයෝජනය කිරීමට හැකියාව පවතින බව එම සංගමයේ උපසභාපති සු සියෑන්ග් මහතා ප්‍රකාශ කළේය. උසස් ප්‍රමිතියෙන් යුතු කුරුඳු චීනයට අපනයනය කිරීමේ හැකියාව සහ ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ හැකියාව පිළිබඳව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.