අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,500ක පමණ ආදායමක් උපයා තිබේ.
අප්‍රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදායම උපයා ඇති බව කී එහි සභාපති ලලිත් ද අල්විස් සතියක කාලයක් තුළ ලංගම අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 130ක් වන බවද කීවේය. මඟී ගමනාගමනය අඩාළ නොවන ලෙස අලුත් අවුරුදු සමයේ අවශ්‍ය තරම් බස් රථ ධාවනයට යොදවන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දුන් බව කී ඒ මහතා රට පුරා සාමාන්‍ය අයුරින් ධාවනය වන බස් රථ ඇණියට අමතරව තවත් අමතර බස් රථ 700ක් යෙදවූ බවද දිනමිණට පැවසීය.
වැඩිම බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරනු ලැබුයේ පසුගිය 12 දා යැයි කී ඒ මහතා එදින බස් රථ 1,200ක් රට පුරා ධාවනයට එක් කළ බවත් හෙතෙම කියා සිටියේය. අවුරුදු කාලසීමාව තුළ සිසු සැරිය බස් රථ සහ කෙටි දුර ගමන් සේවා ඇතුළු අනෙකුත් ගමනාන්තවල බස් රථ සහ බස් අමතර ඇණියේ තිබූ බස් රථ විවිධ ගමනාන්ත සඳහා යෙදවූ බවද හෙතෙම කියා සිටියේය.