විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර විසින්.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මැදිහත්වන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්. 

news images