RCB vs SRH : Royal Challengers Bengaluru කණ්ඩායමට ලකුණු 35 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ඊයේ (25) Royal Challengers Bengaluru කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගය පැවත් වුණා.

එහිදී එම තරගය ලකුණු 35 කින් ජය ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කර ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bengaluru කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා.

ලකුණු 207 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 171 ක් පමණයි.

ලකුණු පුවරුව පහතින්.

news images
news images
news images
news images