මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස සජබයට යෝජනා කරනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ වන විට ලිපි හුවමාරු වී, සාකච්ඡා පවත්වා තිබුණද විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික ජන බලවේගයේ ජාති​ක විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එබැවින් විවාදය සඳහා මැයි මාසයේ 20 වෙනිදාට පෙර, දින 3ක් හෝ 4ක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයට යෝජනා කරන බවත්, ඒ දින තුන හතරෙන් එකක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අනිවාර්යෙන් විවාදයට සහභාගී වන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් මැයි 20 වෙනිදාටත් පෙර දිනයක් ලබාදීමට සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස කටයුතු නොකරන්නේ නම්, එයින් තේරුම් ගන්නට සිදුවන්නේ විවාදය මග හැරීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව යන්නයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක​ළේ.