මෙවර O/L විභාග අපේක්ෂකයින්ට උපකාරක පන්ති 30 වනදා සිට අත්හිටුවයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන සිය​ළු කටයුතු අත්හිටවනු ඇති බවයි සඳහන් වෙන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.