රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

සංවිධානාත්මක දුෂණ වංචා චෝදනා මත රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ටිමුර් ඉවානොව් අත්අඩංගුවට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. අල්ලස් ගනුදෙනුව මහ පරිමාණයෙන් සිදු වී ඇතැයි රුසියාවේ විමර්ශන කමිටුව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. රඳවා තැබීමේ නියෝග යටතේ මාස දෙකක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත්, ඔහු වරදකරු වුවහොත් වසර 15ක සිර දඬුවම් විඳීමට සිදුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ. 48 හැවිරිදි රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා එරට හමුදා ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය භාරව සිටි අතර, රාජකාරිය අතරතුර පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් එහි කොන්ත්‍රාත්තු ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.