බිරිය-දරුවන් ඔස්ට්‍රේලියා යවා මහා පරිමාණයෙන් කසිප්පු පෙරලා

සිය බිරිය සහ දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යවා තම නිවස තුළ මහා පරිමාණයේ දැවැන්ත මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය අයකු සහ එහි තිබූ පෙරන ලද මත්පැන් සහ ඒවා පෙරීම සඳහා උපයෝගි කරගත් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී ඇත.

මහා පරිමාණයෙන් කරගෙන ගිය මෙම ස්කාගාරය ගාල්ල බෝපේ සපුමල් ප්‍රදේශයේ වූ සැකකරුගේ නිවස තුළ දිගු කලක සිට පවත්වා ගෙන ගොස් ඇත.

මෙම වැටලීමේදි ස්කාගාරයේ පෙරන ලද ගෝඩා ලීටර් අටලක්ෂ විසිපන් දහසක් (8.25,000), පෙරන ලද කසිප්පු ස්ප්‍රිට් ලීටර් හැටහය දහස් පන්සියයක් (66500), යකඩ බැරැල් 2ක්, ප්ලාස්ටික් බැරැල් 8ක්, ගෑස් ලිප් 2ක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දඟර 3ක් හා යකඩ දඟර 2ක් ප්‍රධාන සැකකරුට උදවු කළ තවත් සැකකරුවකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා නඩු භාණ්ඩ ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.