ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට හා මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුකටද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා තිබෙනවා.

සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුමටද අත්සන් තබා ඇති බවයි වාර්තා වෙන්නේ.