AISSA EXPO 2024 විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

සමස්ත ලංකා පාසල් විද්‍යා සංසදය විසින් සංවිධානය කරනු ලබන AISSA EXPO 2024, විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනය (25) නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ඇරඹීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය (25) දහවල් 12 ට ඇරඹී පස්වරු 6 දක්වා පැවැත්වෙන අතර (26) දිනයේත් පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දිවයින පුරා පාසල්වල විද්‍යා සංගම් සියයකට අධික ප්‍රමාණයක සාමාජිකයන් එකතුවෙන්, සමස්ත ලංකා පාසල් විද්‍යා සංසදය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනය තුළ විශේෂාංග රාශියක් අන්තර්ගත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.