ඉබ්බන් 17ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කාත්තන්කුඩි පොලිස් වසමේ නිවසකින් ඉබ්බන් 17 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු(19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයට පැමිණි නීතිවිරෝධී ලෙස එම ඉබ්බන් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සොයාගත් ඉබ්බන් පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.