IMF සැසියකට එක් වන අතරතුර මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් වොෂින්ටන්හිදී විශ්වාසය පළ කරයි
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹීමට හැකි වනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසු වන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කරයි.
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසීහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවරායකට සමගාමිව පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ:
“අපි ලොව අඩුවෙන්ම බදු අයකරන රටවලින් එකක් ලෙස නම් කෙරෙනවා. එහෙත් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ අප විසින් බදු ආදායම ක්‍රමයෙන් ඉහළ නංවා තිබෙනවා. අප මේ වන විට බදු ගෙවීමෙන් නිදහස් කිරීම ඉවත් කර තිබෙනවා. බදු අනුකූලතා ශක්තිමත් කර තිබෙනවා. 2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% දක්වා රජයේ අදායම ඉහළ ගොස් තිබෙනවා. එය රජයේ ආදායමෙන් 8.1%ක ප්‍රතිශතයක්.
“අප 2024 වන විට එම අගය 12% දක්වා ඉහළ අගයකින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපට විශ්වාසයි අපට ඒ ඉලක්කය කරා යා හැකි බවට. මේ වන විට බදු අනුකූලතාව 130% දක්වා වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. බදු සඳහා ලියාපදිංචි වීමද ඉහළ ගිහින්. එය හොඳ අගයක් වුණත් අපට ඒ පිළිබඳ සෑහීමකට පත් වන්න බැහැ. අපට අවශ්‍යයි බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවීමට යොමු කරන්න.”