ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කළ බවට අමෙරිකානු නිලධාරින් ප්‍රකාශ කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් සහ රන් මිල ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් ඉහළ ගොස් ඇතැයි ද එය 3.94%ක වැඩිවීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ගණන් ද ඊයේ ඉරාන ප්‍රහාරයෙන් පසු 4.06% කින් ඉහළ ගිය බව වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90.54 දක්වා ද, ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.09 දක්වා ද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ප්‍රහාරයෙන් ඉස්ෆහාන් නුවරට කිසිදු හානියක් සිදු නොවූ බව එරට මාධ්‍ය ප්‍රකාශ කිරීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල නැවත ඩොලර් 87 දක්වා පහළ වැටුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.