යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

නිව­ස­කට කඩා වැදී එහි නිදා­ගෙන සිටි පුද්ග­ල­ය­කුට යකඩ පොලු­ව­ලින් පහර දී බර­ප­තළ තුවාල සිදු­කොට ඇති බව කියන සිද්ධි­ය­කට අදාළ සැක­ක­රු­වන් දෙදෙ­නෙ­කුට ඇප නියම කළ නමුත් ඔවුන් දෙදෙනා හෙරො­යින් ජාවා­ර­ම්ක­රු­වන් බවට පොලි­සිය වෙනම පැමි­ණිලි ඉදි­රි­පත් කිරීම හේතු­වෙන් අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න (19) දහ­වල් එම දෙදෙනා මේ මස 30 වනදා දක්වා රක්ෂිත භාරයේ රඳවා තැබී­මට නියෝග කළේය.

වේය­න්ගොඩ කටු­ව­ස්ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යන් දෙදෙ­නෙකු එසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි. කටු­ව­ස්ගොඩ ප්‍රදේ­ශයේ නිව­ස­කට බල­හ­ත්කා­ර­යෙන් කඩා වැදී එහි නිදා­ගෙන සිටි පුද්ග­ල­යෙ­කුට යකඩ පොලු­ව­ලින් පහර දී බර­ප­තළ තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධි­යක් සම්බ­න්ධව වේය­න්ගොඩ පොලි­සිය පරී­ක්ෂණ පවත්වා සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

වේය­න්ගොඩ පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුනිල් ප්‍රේම­රත්න කරුණු දක්ව­මින් සැක­ක­රු­වන් දෙදෙනා තවත් පුද්ග­ල­යන් දෙදෙ­නෙකු සමඟ බල­හ­ත්කා­ර­යෙන් නිව­ස­කට කඩා වැදී එහි නිදා­ගෙන සිටි පුද්ග­ල­යෙ­කුට යකඩ පොලු­ව­ලින් පහර දී බර­ප­තළ තුවාල සිදු කොට ඇති බව කියා සිටි­යේය. ප්‍රහා­ර­යෙන් බර­ප­තළ තුවාල ලබා ඇති එම පුද්ග­ලයා අසාධ්‍ය තත්ත්ව­යෙන් කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර සිටින බවත් පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා කීය.

ප්‍රහා­ර­යෙන් පසුව හතර දෙනාම පැන ගොස් සිටි­යදී මොවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බවත් මොවුන් දෙදෙනා හෙරො­යින් ජාවා­ර­ම්ක­රු­වන් බවත් අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාවේ දෙදෙනා සන්ත­කයේ තිබී හෙරො­යින් ග්‍රෑම් දෙක­කට වැඩි ප්‍රමා­ණ­ය­කින් යුතු පැකට් දෙකක් ද අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සඳ­හන් කළේය. සැඟවී සිටින අනෙක් සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යන බව ද පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා කියා සිටි­යේය.

පොලි­සියේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව පුද්ග­ල­යෙ­කුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බ­න්ධව සැක­ක­රු­වන් දෙදෙ­නාට රුපි­යල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කළ නමුත් හෙරො­යින් ළඟ තබා ගෙන සිටීම සම්බ­න්ධව එසේ රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට නියෝග කෙරිණි. නැවත කැඳ­වීම මේ මස 30 වැනි­දාට කල් තැබිණ. වේය­න්ගොඩ පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුනිල් ප්‍රේම­රත්න පැමි­ණිල්ල මෙහෙ­ය­විය