බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනයේ රට සංතෘප්ත වී තිබෙන බවත්, ඉදිරියේදී බිත්තර අපනයනය කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම ඩිල්ලෝමාධාරීන් 700 දෙනකුට සහතික ප්රදානය කිරීම නිමිත්තෙන් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේදී (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
කොවිඩ් අර්බුදයත් සමඟ මෙරට කුකුළු කර්මාන්තය කඩාවැටීමෙන් රටේ මස් හා බිත්තර අවශ්‍යතාව සපුරාලිය නොහැකි තත්ත්වයත් ඇති වූ බවත්, ඒ අවස්ථාවේ වෙළෙඳ අමාත්‍යාංශය මැදිහත්ව බිත්තර ආනයනය කිරීමට පියවර ගත් බවත් ඒ මහතා කීය.
කුකුළු ගොවි කර්මාන්තය කඩාවැටී තිබුණු අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්ව සත්ත්ව ආහාර ආනයනයේදී තීරුබදු සහන සැලසීම, ගොවීන්ට අවශ්‍යය මාර්ගෝපදේශ දීම වැනි ක්‍රියාමාර්ග ගත් බවත්, ඒ ඔස්සේ මේ වන විට කර්මාන්තය සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගනිමින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති තත්ත්වයක් දක්වා ගොඩනැඟී තිබෙන බවත් ඒ මහතා කීය. අප රටේ කුකුළු මස් මේ වන විටත් මැදපෙරදිග රටවලට අපනයනය කරන බවත් බිත්තරද එලෙසින් අපනයනය කිරීමට සැලසුම් කරන බවත් හේරත් පැවසීය.