උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් ඒ අවට පදිංචි වී සිටි 11,000කට වැඩි ජනතාව ඉවත් කිරීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුවන්ග් කඳුකරයේ පිහිටි එම ගිනි කන්ද පසුගිය අඟහරුවාදා සිට අඛණ්ඩව පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි ද, කිලෝමීටර් 6කට වැඩි දුර ප්‍රමාණයකට දුම් වලා පැතිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තත්ත්වය සැලකිල්ලට ගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට ඉන්දුනිසියාවේ සබා සහ සරවාක් ගුවන්තොටුපොළ කරා රුවන්ග් කඳුකරය ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් කිහිපයක්ම අවලංගු කිරීමට ද බලධාරීන්ට සිදු වූ බව වාර්තා වේ.