දැන් වමේ දේශපාලනයක් නෑ – නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත්, එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ප්‍රතිපත්තියක් ඇති බවට එයම පමණක් අල්ලාගෙන සිටීමෙන් පළක් නොවන බවත්, අලුතින් සිතිය යුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රුසියාවේ, චීනයේ වාම දේශපාලනයක් නොමැති බවත්, කියුබාවට හා වෙනිසියුලාවට අද තෙල් සොයා ගැනීමටද නොහැකිවී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.