හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිනියගේ ජන්ම දින සැමරුම අද

මෙරට ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.