RR vs KKR : Rajasthan Royals කණ්ඩායමට අති විශිෂ්ට ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම හා Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 2 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 223 ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 224 ක ජයග්‍රාහී ඉලක්කයක් පසුකර යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ ජොස් බට්ලර් නොදැවී රැස් කළ සුපිරි ශතකය හමුවේයි.

බට්ලර් පන්දු 60 කින් නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමි කරදුන් අතර ඔහුගේ ඉනිම හයේ පහර හයකින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා.