මීගොඩ සිට දසත පුරා පැතිරුණු ‘2024 ITN සූර්ය මංගල්‍යය’

ස්වාධීන රූපවාහිනිය මඟින් සංවිධානය කරන ලද ‘2024 ITN සූර්ය මංගල්‍යය’ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මීගොඩ මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගම හරහා දිවීම, කඹ ඇදීම, පාපැදි තරඟ ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, සිඟිති අවුරුදු කුමරිය තේරීම,විනෝදාත්මක තරග ඉසව් ඇතුළු විශේෂාංග රැසකින් මෙවර සූර්ය මංගල්‍යය සමන්විත විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, අනුග්‍රාහක ආයතන ප්‍රධානීන්, ප්‍රදේශවාසීන් ඇතුළු අතිවිශාල පිරිසක් මෙවර ITN සූර්ය මංගල්‍යය බක්මහ උලෙළ සඳහා එක්ව සිටි අතර ස්වාධීන රුපවාහිනීය ඔස්සේ දවස පුරා සජීවීව මෙම වැඩසටහන් නැරඹීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හට අවස්ථාව උදාවිය.