රෝහණ බැද්දගේගේ ගීය විකෘති කළැයි ඇමැති නියමයෙන් විමර්ශනයක්

රෝහණ බැද්දගේ කලාකරුවා විසින් ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණට ඇමැති, විදුර වික්‍රමනායක දුන් උපදෙස් පරිදි මෙම විමර්ශනය සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත. ප්‍රවීන රංගන හා ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගයනු ලබන ගීතයක පද විකෘති කර සමාජ මාධ්‍යවලා මුදා හැරීමට කිසිවකු විසින් පසුගිය දා කටයුතු කර තිබිණි. එම ගීතය විකෘති කර මුදා හැරි පුද්ගලයන් සම්න්ධයෙන් සොයා බලන ලෙස මේ අනුව කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. ඊට අදාළ තොරතුරු විදුලි සංදේශ නියාමන කොමිසමට ලබා දී ඇති බව පැවසු අමාත්‍යංශ ලේකම් සෝමදාස විදානපතිරන, සිද්ධියට අදාළ පුද්ගලයන් හෙළි වූ පසුව ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද කීවේය.