අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 150 ඉක්මවයි

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 150 ඉක්මවාගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 159 ක ආදායමක් උපයා ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය සඳහන් කළේ.

එම කාලසීමාවේ රථවාහන ලක්ෂ 43 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.