රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන් ගත් රථය ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය (16) අලුයම මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙනවා.