අලුත් අවුරුදු අරන් පොලිස්පතිතුමා කොළඹ සංචාරයක

පොලිස්පතිතුමා විසින් (14) දින කොළඹ ප්‍රදේශයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් හමුවී ඔවුන්ට උදාවූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය.

මෙහිදි එම නිලධාරින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩිකිරීම වෙනුවෙන් අළුත් අවුරුදු සංග්‍රහයක් සිදු කළ අතර පොලිස්පතිතුමා විසින්, මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තුරන් කර අපරාධ බියෙන් තොරව මහජනතාවට නිදහසේ ජීවත්විය හැකි සමාජයක් උදාකර දීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් ඒ සඳහා රථවාහන නිලධාරින්ගේ ද දායකත්වය ලබාගන්නා බවටත් ප්‍රකාශ කළේය

මෙම අවස්ථාව සඳහා නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී විය.