දකුණු කොරියාවේ බලය විපක්ෂයට පාලක පක්ෂයට අන්ත පරාජයක්

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පාලක පක්ෂය වන මහජන බල පක්ෂය පරදවා විපක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ තවත් සුළුතර පක්ෂ එක්ව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ඡන්ද 300න් 192ක්ම ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ ඡන්ද විමසීම සැලකෙන්නේ බලයේ රැඳී සිටීමට තවත් වසර තුනක් ඉතිරිව ඇති ජනාධිපති යුන් සුක් යෝල්ගේ පාලනය පිළිබඳ ජනමත විචාරණයක් ලෙසට බව ද වාර්තා වේ. ඔහුගේ මහජන බල පක්ෂයේ නායක හැන් ඩොං හූන් දැනටමත් එම තනතුරෙන් ඉල්ලා අස් වි ඇති අතර, අගමැති හැන් ඩුක් සෝ ද ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයග්‍රහණයක් නොව ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ඡන්ද විමසීමෙන් පසු එම පක්ෂයේ නායක ලී ජයි මයුං ප්‍රකාශ කර තිබේ.