අලුත් අවුරුද්දේ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා (12) දිනයේත් ක්‍රියාත්මක වනවා.

සාමාන්‍ය කාලසටහන්වලට අමරතව විශේෂ දුම්රිය දෙකක් අද ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩයේ අතිරේක බස් රථ 200ක් අදත් ධාවනයට එක්කර ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස සඳහන් කළා.