සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම (10) ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.