2025 වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකියි – රංජිත් සියඹලාපිටිය

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ක්‍රමක්‍රමයෙන් එම වෙළඳපොල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.