උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.