ආබාධ-විශේෂ හැකියා ඇති දරුවන් සිටින පාසල්වලටත් නොමිලේ දිවා ආහාරය – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ආබාධ සහ විශේෂ හැකියා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල් 27හි සිටින දරුවන්ට දිවා ආහාරය පිරිනැමීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී (2) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම:

“පාසල්වල දිවා ආහාරය පිරිනැමීමේ ලක්ෂ 11ක් දරුවන්ගේ සීමාව ලක්ෂ 16 දක්වා වැඩි කිරීමේ රජයේ තීරණය අපි අගය කරනවා. එය ලක්ෂ 21ක් විය යුතුයි. රජයේ ආධාර ලබන උපකෘත පාසල් ලෙස හැඳින්වෙන විශේෂ හැකියා, ආබාධ සහිත දරුවන් සි⁣ටින පාසල් 27ක් තිබෙනවා. ඒ පාසල්වල සිටින්නේ දරුවන් 2,800යි. අධ්‍යාපන හා මුදල් අමාත්‍යාංශවල අවධානය යොමු කර මේ පාසල්වල ඉගෙනුම ලබන අහිංසක දරුවන්ටත් දිවා ආහාරය පිරිනමන ලෙස ඉල්ලා සිටිනවා.”