ගෑස් මිල අඩු වුනාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ – බේකරි හිමියන්

ගෑස් මිල අඩුවුවද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩිවූ බව පවසමින් නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, පාන් පිටි මිල වැඩි වූ විට පමණක් නිෂ්පාදන මිල ඉහළ දමා ඇති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

ඒ අනුව පාන් පිටි මිල අඩුවුවහොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.