ඉන්දීය – සිංග­ප්පූරු රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා වසර 60 සම­රයි

ඉන්දි­යාව  සහ සිංග­ප්පූ­රුව අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ආරම්භ කිරීමේ 60 වැනි සංව­ත්ස­රය  නිමි­ත්තෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.ජයි­ශං­කර් පසු­ගි­යදා සිංප්පූ­රුවේ සංචා­ර­යක  නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූරු විදේශ ඇමැති විවි­යන්  බාල­ක්‍රි­ෂ්ණන් සමඟ ඉන්දු පැසි­ෆික් සහ බට­හිර ආසියා ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධව  ද්විපා­ර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය.

කලා­පයේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධව ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා සහ  සිංග­ප්පූ­රුවේ ජ්‍යෙෂ්ඨ ඇමැ­ති­ව­ර­යකු වන ජාතික ආර­ක්ෂාව පිළි­බඳ සම්බ­න්ධී­ක­රණ  කට­යුතු බාර ටෝ චී හීන් අතර සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ. මීට අම­ත­රව  වෙළෙඳ, අභ්‍ය­ව­කාශ, හරිත බල­ශ­ක්තිය, සැප­යුම් පද්ධ­තිය සහ ආර­ක්ෂාව සම්බ­න්ධව  සිංග­ප්පූ­රුවේ තවත් ඇමැ­ති­වරු රැසක් සමඟ ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා  සාකච්ඡා පවත්වා ඇතැයි එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.