පාකිස්තාන ගුවන් සේවිකාව කැනඩාවේදී අත්අඩංගුවට

පාකිස්තාන ගුවන් සේවයේ ගුවන් සේවිකාවක කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් යානයකින් පැමිණි හිනා සානි නමැති එම ගුවන් සේවිකාව ටොරොන්ටෝ නුවර ආගමන හා විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ගමන් මල්ලෙන් විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර රැසක් සොයා ගැනීම හේතුවෙන් බව ද වාර්තා වේ.

පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයකු ඇය අත්අඩංගුවට පත් වීම තහවුරු කර ඇති අතර, ඇය පාකිස්තානයේ ජනප්‍රිය සංගීතඥයකුගේ පවුලක සාමාජිකාවක් බව වාර්තා වේ.

ඇය සමඟ සිටි තවත් ගුවන් සේවිකාවන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.