ජනාධිපතිවරණය ගැන IHP පෙබරවාරි සමීක්ෂණයට අනුව අනුරට 53%ක්, සජිත්ට 34%ක් සහ ​රනිල්ට 6%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී 53% ක් දක්වා වැඩි වී ඇති අතර ඔහු තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ජනවාරි මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 36%ක ප්‍රතිශතය ​පෙබරවාරි මාසයේදී 34% ක් දක්වා අඩු වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 7% ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී 6% ක් දක්වා අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා දෙසැම්බර් මාසයේ ලබාගෙන තිබූ 7% ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී ද නොවෙනස්ව ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

පෙබරවාරි මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, IHP ආයතනයේ මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්​.

news images
news images
news images