UNP සමඟ නිල වශයෙන් හෝ නොනිල වශයෙන් කිසිඳු රහස් සාකච්ඡාවක් නැහැ – එස්.එම්. මරික්කාර්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් කිසිඳු රහස් සාකච්ඡාවක් නොපවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂලාගේ රැකවලා වශයෙන් සිටියදී එය තුළට යාමට හැකියාවක් නොමැති බවත්, සමගි ජන බලවේගයේ පිරිස් ආණ්ඩුව සමඟ එක්වන බවට සිදු කරන ප්‍රචාර අසත්‍ය බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මැයි දිනය සැමරීම සඳහා සමඟි ජන බලවේගය ලක්ෂයක පිරිසක් කොළඹට ගෙන්වන බවද, ඉතිහාසයේ පවත්වන විශාලතම මැයි දිනය මෙවර පවත්වන බවයි එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.