මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු අයට අලුත් අවුරුද්දට පෙර එය ලබාදීමට පියවර

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග එම සහනාධාරය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම වැඩසටහන යටතේ රු.2,500 ක සහනාධාර දීමනාව මෙලෙස ලබාදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.