SL vs BAN 2nd Test : පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (30) අවසන් වුනා.

ඒ අනුව දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 314 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දීමේදී නිෂාන් මධුෂ්ක ලකුණු 57ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් ලබා ගත්තා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් හා ධනංජය ද සිල්වා ලකුණු 15 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 02 ක් හා Shakib Al Hasan එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.