ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන්(30) කොළඹට කැඳවා ඇත.
පක්ෂයේ සභාපති මෛත්රිපාල සිරිසේන මහතා හා පක්ෂයේ අනෙකුත් ප්රධානීන්ගේද සහභාගිත්වයෙන් (30) පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා මෙලෙස දිස්ත්රීක් සංවිධායකයන් හා ආසන සංවිධායකයන් කැඳවා ඇත.
මේ විශේෂ රැස්වීම (30) පෙරවරු 10.00ට ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිත වේ. මෙහිදී පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.