කබ්රාල් ඇතුළු 5 කට අල්ලස් කොමිසමෙන් නඩු

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843,267,595ක පාඩුවක් සිදුකර ඇති බවට අදාළ පැමිණිල්ල මඟින් දක්වා තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images