IPL UPDATE : Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වන තරගය Sunrisers Hyderabad කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 277 ක් වාර්තා කළා.

පන්දුවට පහරදීමේදී Sunrisers Hyderabad කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen ලකුණු 80 ක් හා Abhishek Sharma ලකුණු 63 ක්, Travis Head ලකුණු 62 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Hardik Pandya හා Gerald Coetzee එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Mumbai Indians කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 246 ක් පමණයි.