කෙහෙළිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දියණිය මානව හිමිකම් කොමිසමට

කෙහෙළිය රඹුක්වැල්ල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ.