ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

නවතම ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් (27) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

ශ්‍රේණිගත ලකුණු 740 කට හිමිකම් කියන දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි සම 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ශතක දෙකක් වාර්තා කළ කමිදු මෙන්ඩිස් යළිත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත්ව ඇති අතර, ඔහු මේ වන විට සම 64 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී කඩුලු පහක් බිද හෙලූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

news images