UNP එකයි පොහොට්ටුවයි එකතු වෙනවා කියන්නේ වැසිකිළි සමූහයක් එකතු වුණා වගේ වැඩක් – මර්වින් සිල්වා

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතුවීම යනු වැසිකිළි සමූහයක් එක වැසිකිළියක් බවට පත්වීම බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

එයින් ජනතාවට ලැබෙන සහනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගස් බැඳීමට තමන් කටයුතු කරන බවයි.