ඡන්දෙ වැළැක්වීමට උත්සාහ කළොත් අහන්න දෙයක් නෑ පාරට බහිනවා – මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශ කළ හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් එක්වී ගන්නා තීරණයකින් පමණක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

එසේ නොමැතිව වෙනත් පුද්ගලයින්ට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මුල් සතියේද නැත්නම් තෙවන සතියේද වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් රටේම ජනතාව පාරට පැමිණ උද්ඝෝෂණ සිදුකරනු ඇති බවත්, මේ අවස්ථාවේ ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු අයෙක් උත්සාහ කරනු ඇති බවට තමන් බලාපොරොත්තු නොවන බවද ඔහු සඳහන් කළා.

ඡන්දය වැළැක්වීමට උත්සාහ කළහොත්, තමාද ජීවත්ව සිටියොත් ජනතාව සමඟ පාරට බසින බව ද ඔහු අවධාරණය කළා.