ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් අවසන් වෙයි

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය (27) අවසන් වුවද සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික පිරිසක් ආර්ථික යුක්තිය වෙනුවෙන් පසුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ යෝජනාවලිය මුදල් අමාත්‍යාංශයට යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.

සෞඛ්‍ය ලේකම්වරයා දින 10ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත් එම කාලය අවසන්වීම හේතුවෙන් අද රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන කළේ.