උග­න්ඩාවේ ජන­පති පුතා හමු­දා­ප­ති­ධු­ර­යට

උග­න්ඩාවේ ජනා­ධි­පති යොවේරි මුසෙ­වෙනි සිය පුත්‍රයා එරට හමු­දා­ප­ති­ව­රයා ලෙස උසස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනා­ධි­ප­ති­ව­රයා සිය වැඩි­මල් පුත්‍රයා අනා­ගත ජනා­ධි­පති කිරීමේ අර­මු­ණින් මේ පිය­වර ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අනූව දශ­කයේ අග­භා­ගයේ සිට උග­න්ඩාවේ යුද හමු­දාවේ විවිධ නිල­යන් හි කට­යුතු කර ඇති ජෙන­රාල් මුහූසි කයි­නෙ­රු­ගබා හමුදා ප්‍රධා­නියා ලෙස පත් කළ බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් උග­න්ඩාවේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර තිබේ. 49 හැවි­රිදි නව හමු­දා­ප­ති­ව­රයා 2026 එරට පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග වදින බවට පසු­ගිය වසරේ අග­භා­ග­යේදී එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ පළ වී තිබූ අතර, පසුව එම සට­හන ඉවත් කිරි­මට එරට රජය පිය­වර ගෙන තිබේ.